May 18, 2024

ගජබා සුපර් ක්‍රොස් 30 වැනිදා

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා) එක්ව 14 වැනි වරටත් සංවිධානය කරන ‘ගජබා සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මෙම මස 30 වැනිදා පෙරවරු 9.00 සිට සාලියපුර, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථයේදී පැවැත්වේ.

දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ මෝටර් රථ රියැදුරන් සහ යතුරුපැදි ධාවකයන් සමගින් තරගකරුවන් 175 කට ආසන්න සංඛ්‍යාවක් මෙම තරගාවලියට සහභාගී වීමට නියමිතය. 

දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදි ධාවකයා තෝරා ගැනීම සඳහා වන ඉසව් දෙකද ඇතුළත්ව ඉසව් 23 කින් සමන්විත වන මෙවර තරගාවලියට මෝටර් රථ තරග 11 ක් සහ යතුරුපැදි තරග 12 ක් ඇතුළත් වේ. 

යුද්ධයේදී මියගිය සහ විවිධ ආබාධයන්ට ගොදුරුවූ ගජබා රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධන කටයුතු සඳහා මුදල් රැස්කිරීමත්, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ යටිතල පහසුකම් නංවාලීමත් මෙම තරගාවලියේ සංවිධානය කිරීමේ ප‍්‍රධාන අරමුණු වේ.

Rate this item
(0 votes)