May 18, 2024

අයි.සී.සීශ්‍රේණිගත කිරීම්වල දිනේෂ්, රංගන සහ තරිඳු ඉහළට 

ඉන්දියාව සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ලැබීමට දායක වූ දිනේෂ් චන්දිමාල්, රංගන හේරත් සහ තරිඳු කෞෂාල් අයි.සී.සී ටෙස්ට් දර්ශකයේ ඉහළ ස්ථානවලට පැමිණ තිබේ.

එම තරගයේ දී ලකුණු 64 ක් සහ ලකුණු 39 ක් රැස් කළ නායක ඇන්ජලෝ මැතිව්ස් අයි.සී.සී ටෙස්ට් පිතිකරු දර්ශකයේ 05 වැනි ස්ථානයට පැමිණ ඇත්තේ කුමාර් සංගක්කර අභිබවමින් ය.

පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 59 ක් සහ දෙවන ඉනිමේ දී නොදැවී ලකුණු 162 ක් රැස්කළ දිනේෂ් චන්දිමාල් පිතිකරු දර්ශකයේ ස්ථාන 22 ක් ඉදිරියට පැමිණ 23 වන ස්ථානය හිමිකර ගෙන තිබේ.

මෙම තරගයේ දී පන්දුවෙන් දස්කම් දැක් වූ රංගන හේරත්ට දැන් හිමි ව ඇත්තේ ටෙස්ට් පන්දු යවන්නන්ගේ දර්ශකයේ 06 වැනි ස්ථානයයි. ස්ථාන 21 කින් ඉදිරියට පැමිණි තරිඳු කෞෂාල් දර්ශකයේ 60 වැනි ස්ථානය හිමි කරගෙන සිටී. 

Rate this item
(0 votes)
Last modified on Monday, 17 August 2015 20:11