May 18, 2024

පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකාව තරගයේ පළමු ඉනිම සඳහා ලකුණු 183ක් රැස් කළ අතර ඉන්දියාව සිය පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 375කි.

තරගයේ දෙවන ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව ලකුණු 367ක් රැස් කළ අතර ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කළ හැකි වූයේ, ලකුණු 112ක් පමණි. රංගන හේරත්ගේ දක්ෂ පන්දු යැවීම් හමුවේ ලකුණු 48ක් තුළ ඉන්දීය කණ්ඩායමේ දෙවන ඉනිමේ කඩුලු 7ක් ම දැවී ගියහ.

ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි ලකුණු 3 කට දවා ගැනීමට තරිඳු කෞෂාල්ට හැකි විය. ශිඛර් ධවාන් ලකුණු 28ක් රැස් කළ අතර විර්දිමාන් සාහට රැස් කළ හැකි වූයේ ලකුණු 2 ක් පමණි.

කෞෂාල් සිල්වාගේ විශිෂ්ට පන්දු රැකීම හමුවේ හර්බජන් සිංග්ට 1 ලකුණක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට සිදු විය. 14 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 367 ක් රැස් කළේ ය.

ඊයේ(15) දිනය සඳහා තරගය ආරම්භ කරන විට ඉන්දියානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 23 ක් රැස් කර ගෙන සිටියේ ය.

Rate this item
(0 votes)