May 18, 2024

ශ්‍රී ලංකාව 108/5

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වූ ඊයේ (14) දිනයේ දෙවන ඉනිමේ පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම දිවා භෝජනය වනවිට කඩුලු 05 ක් දැවී ලකුණු 108 ක් ලබා සිටී.

එම තරගයේ පළමු ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 183 කට දැවී ගිය අතර, ඉන්දියාව මුල් ඉනිම සඳහා ලකුණු 375ක් රැස් කර තිබේ.

ඒ අනුව ඉනිම පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 84 ක් රැස් කළ යුතු ය. 

Rate this item
(0 votes)