May 18, 2024

පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය අද

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය අදට (14) යෙදී තිබේ.

ඊයේ (13) තරගයේ දෙවන දිනය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම සඳහා කඩුලු 02 ක් දැවී ලබා සිටියේ ලකුණු 05 ක් පමණි. 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිටත් සිටින්නේ ඉන්දියාවට වඩා ලකුණු 187 ක් පිටුපසින් ය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්වන දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා ලකුණු නොලබා දැවී ගිය අතර, කඩුල්ලේ රැඳී  සිටින්නේ කුමාර් සංගක්කාර සමග ධම්මික ප්‍රසාද් ය.

ඊට පෙර ඉන්දීය කණ්ඩායම මුල් ඉනිම සඳහා ලකුණු 375 ක් රැස් කරගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම මුල් ඉනිම සඳහා ලබා ගත්තේ ලකුණු 183ක් පමණි. 

Rate this item
(0 votes)