May 18, 2024

ඉන්දියාව කඩුලු 02 ක් දැවී ලකුණු 128යි 

ඊයේ (11) ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති පළමු ටෙස්ට් තරගයේ දී ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 183 කට දවාගත් ඉන්දියානුවෝ පළමු දිනයේ කී‍්‍රඩාව අවසන් වනවිට කඩුලු 02 ක් දැවී ලකුණු 128 ක් ලබා ගනිමින් තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම සියතට ගෙන සිටියහ.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 183ක් පමණි. එහිදී නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 64 ක් ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 59 ක් රැස් කර ඇත.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රවීචන්ද්‍ර අශ්වින් ලකුණු 46කට බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 06 කි. 

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදට (13) යෙදී තිබේ.

Rate this item
(0 votes)