May 19, 2024

සංගාගේ ඉනිම නවතී

කුමාර් සංගක්කාරගේ ඉනිම අවසන් කිරීමට රවිචන්ද්‍රන් අශ්වින් සමත් විය. ලෝකේෂ් රාහුල් වෙත උඩ පන්දුවක් ලබාදී සංගා දැවීයන විට ලකුණු 05 ක් රැස් කරගෙන සිටියේ ය.

පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවන විට පන්දුවාර 12 අවසානයේ කඩුලු 03 ක් දැවී ලකුණු 27 ක් රැස්කරගෙන සිටී. ළහිරු තිමාන්න (07) හා නායක ඇන්ජලෝ මැතිව්ස් (0) කඩුල්ලේ රැඳී සිටී.

දිමුත් කරුණාරත්න සමගින් කෞෂාල් සිල්වා ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ය. කෙසේ වුව ද ශ්‍රී ලංකාව සාර්ථක ආරම්භයක් ලබාදීමට අපෝසත් වූ කරුණාරත්න තරගයේ 6.5 වැනි පන්දුවාරයේ දී ඉශාන්ට් ශර්මාගෙන් පන්දුවක් හමුවේ අජින්කේ රහානේ වෙත උඩපන්දුවක් ලබා දී පිටියෙන් ඉවත් විය. ඔහු දැවීයන විට ලකුණු 09 ක් රැස් කරගෙන සිටියේ ය.

ඉන් අනතුරුව කෞෂාල් සිල්වාට ද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට නොදැකි වූ අතර තරගයේ 7.1 වැනි පන්දුවාරයේ දී වරුන් අරෝන්ගේ පන්දුවක් හමු වේ දැවී ගියේ ය. ශිකර් දවාන් වෙත උඩපන්දුවක් ලබා දී ඔහු දැවීයන විට ලකුණු 05 ක් රැස් කරගෙන සිටියේ ය. 

ඉන්දියාව සමග පැවැත්වෙන තරග 03කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ක්‍රීඩා කරන අවසන් තරගාවලිය ද මෙය වේ.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 August 2015 13:31