May 19, 2024

දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා දැල්පන්දු තරගයේ ජය දකුණු අප්‍රිකාවට 

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) මුහුණදුන් මූලික වටයේ අවසන් තරගයෙන් දැල්පන්දු ලෝක ශ්‍රේණිගතකිරීම් 05 වැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාව හමුවේ ගෝල 89 - 17 ක් ලෙස පරාජයට පත්විය.

තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සිංගප්පූරුව හමුවේ ගෝල 56 - 43 ක් ලෙස පරාජය වූ ශ්‍රී ලංකාව දෙවැනි තරගයෙන් මලාවි රාජ්‍ය හමුවේ ලකුණු 101 - 18 ක් ලෙස දැවැන්ත පරාජයක් අත්විඳීමට සිදුවිය.

ඒ අනුව මූලික වටයේ මුහුණදුන් තරග තුනම පරාජයවීමට ශ්‍රී ලංකාවට සිදුවූ අතර, ඒ හේතුවෙන් කුසලාන වටයේ ඉදිරියට යාමට තිබූ අවස්ථාව අහිමි විය.

 

Rate this item
(0 votes)