ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා වූ ශ්‍රී ලංකා සංචිතය ඊයේ (07) නම් කර තිබේ.
ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමේ උප නායකයා ලහිරු තිරිමාන්න ය. කෞෂාල් පෙරේරා, දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, කුසල් ජනිත් සහ ජෙහාන් මුබාරක් පිතිකරුවන් ලෙස කණ්ඩායමට එක් වෙයි.
රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, තරිඳු කෞශාල්, නුවන් ප්‍රදීප්, ධම්මික ප්‍රසාද් සහ විශ්ව ප්‍රනාන්දු පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක් කර ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගය අගෝස්තු මස 12 වැනි දා ගාල්ලේ දී ආරම්භ වේ.