May 19, 2024

ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ට 314 යි

අජින්‍යා රහනේ (නොදැවී 109) සහ චෙටෙස්වර් පුජාරා (42) ගොඩනැගූ අවස්ථානුකූල සම්බන්ධතාව හේතුවෙන් ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ දී ඊයේ (06) ආරම්භ වූ තුන්දින පුහුණු ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව අවසන් වනවිට ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 06 ක් දැවී ලකුණු 314 ක් රැස්කිරීමට සමත් විය.

දිනයේ කාලය අවසන්වීම හේතුවෙන් පළමු දිනයේ ක‍්‍රීඩාව ඕවර 79 කින් අවසන් කරන විට අජින්‍යා රහනේ පන්දු 127 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 109 ක් රැස්කිරීමට සමත්ව සිටියේ ය.  

 

Rate this item
(0 votes)