May 19, 2024

වසීම්ගේ මෝටර් රථයට වෙඩි 

පාකිස්තාන ටෙස්ට් කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායකයකු මෙන් ම ලොව විශිෂ්ටතම වේග පන්දු යවන්නකු ද වූ වසීම් අක්රම්ගේ මෝටර් රථය ඊයේ (05) කරච්චි නගරයේ දී වෙඩි ප්‍රහාරයකට ලක් වී තිබේ.

එහි දී වසීම් අක්රම් තුවාල ලබා නොමැති බවත් ඔහුගේ මෝටර් රථයට පමණක් අලාභහනි සිදු වී ඇති බවත් වාර්තා වේ.

කරච්චි නුවර ජාතික කී‍්‍රඩාංගණයේ දී පැවැත්වෙන පුහුණු කඳවුරක් සඳහා සහභාගීවීමට වසීම් අක්රම් යමින් සිටිය දී මෙම සිදුවීමට මුහුණ පා ඇත.

Rate this item
(0 votes)