May 19, 2024

මයිකල් ක්ලාක්ගේ ටෙස්ට් දිවිය ගැන අනතුරු ඇඟවීමක්

අළුබඳුන ටෙස්ට් තරග මාලාවේ සිවුවැනි ටෙස්ට් තරගයේ දී ලකුණු අතරට පැමිණිමට අසමත්වුවහොත් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක්ගේ ටෙස්ට් කි‍්‍රකට් දිවිය නිමාවට පත්වනු ඇතැයි ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය අනතුරු අඟවයි.

මේ වනවිට මයිකල් ක්ලාක් සිය ටෙස්ට් කි‍්‍රකට් දිවියේ අවසානය අත ළඟ බව හොඳින් අවබෝධ කරගෙන ඇති බව ද ඔවුහු අනුමාන කරති.

ඔස්ටේ‍්‍රලියානුවන්ට කඩුලු 08 ක පරාජයක් උරුම කරමින් එජ්බැස්ටන් හී දී නිමාවට පත් වූ අළු බඳුන තරග මාලාවේ තුන් වැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 10 කට ද දෙවැනි ඉනිමේ දී ලකුණු 03 කට ද දැවී ගිය ඕස්ටේ‍්‍රලියානු නායකයා මෙතෙක් පැවැති ටෙස්ට් තරග 03 ඉනිම් 06 කදී ලබා ඇත්තේ ලකුණු 94 ක් පමණි. 

ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 19 දක්වා පහත වැටී තිබේ.

Rate this item
(0 votes)