May 19, 2024

රංගන හේරත්ගෙන් ශ්‍රී ලංකාවට වැඩි වාසියක් 

ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි වාසියක් අත්කර ගැනීමට නම්, දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ගෙන් විශාල මෙහෙයක් ඉටු විය යුතු බව ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දෙති.

පාකිස්තානය සමග පැවැති ටෙස්ට් තරගාවලියේ දී ඔහු දස්කම් දැක්වීමට අපොහොසත්වීම අනපේක්ෂිත කරුණක් බව ඉන්දීය ක්‍රිකට් සඟරාවක් ඉදිරිපත් කළ විචාරයක දැක් වේ. ඉන්දීය පිතිකරුවන්ට එරෙහිව රංගන හේරත් මීට පෙර දස්කම් දක්වා ඇති ක්‍රීඩකයෙකු ලෙසත් එමගින් හඳුන්වා තිබේ.

ඉන්දු - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අගෝස්තු මස 12 වැනි දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භවීමට නියමිතයි.

Rate this item
(1 Vote)