May 05, 2024

දකුණු අප්‍රිකා - ඉන්දියා ක්‍රිකට් ගැටුමක් සැප්තැම්බර් අවසානයේ දී

දකුණු අප්‍රිකානු ක්‍රිකට් පිළ දින 72ක ක්‍රිකට් සංචාරයක් සඳහා සැප්තැම්බර් මස අවසානයේ ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබේ.

එහිදී ඔවුන් ටෙස්ට් තරඟ 4කට, එක්දින ජාත්‍යන්තර තරඟ 5කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 3කට සහභාගිවීමට නියමිත බව පැවසේ.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟ 4කින් යුත් ටෙස්ට් තරගාවලියක් මෙන්ම විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වෙන්නේ ප්‍රථම වතාවට වන අතර දකුණු අප්‍රිකානු පිළේ ඉන්දීය චාරිකාව යෙදී ඇත්තේ ඉන්දීය පිළේ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුවයි. 

Rate this item
(0 votes)