සංචාරක පකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පවතින දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 315ක් ලබා ගැනීමට සමත්විය.
එහි දී කෞෂාල් සිල්වා ලකුණු 80ක් ලබා ගත් අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 77ක් ලබා ගන්නා ලදී.
පකිස්ථාන කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක යෂිර් ෂා ලකුණු 96ට කඩුළු 6ක් බිඳහෙලන්නට සමත් විය.
ඊයේ දිනය නිමා වන විට ශ්‍රී ලංකාව ලකුණු 177ක් ඉදිරියෙන් සිටියේ ය.