129 වැනි ලාංකික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත ඊයේ ටෙස්ට් වරම් හිමි කර ගත්තේ ය.
තම පළමු ටෙස්ට් තරඟය ලෙස ශ්‍රී ලංකා – පකිස්ථාන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කළ ඔහු 1992 ජනවාරි 11 වන දා රාගම දී උපන් ක්‍රීඩකයෙකි.
ඊයේ උදෑසන ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු චම්පක රාමනායක මහතා විසින් දුෂ්මන්ත චමීරට ටෙස්ට් තොප්පිය පළඳවන ලදී.
සිය ප්‍රථම ටෙස්ට් තරඟය වුණු ඊයේ දිනයේ කඩුල්ලක් ද ලබා ගැනීමට සමත් වූ චමීර මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 3ක් ක්‍රීඩා කර කඩුලු 5ක් බිඳ හෙලා ඇත.