May 18, 2024

බංග්ලාදේශය නැවතත් ඉන්දියාව පරදා ජය ගනී

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ පැවති දෙවන එක්දින තරඟයත් ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශය සමත් විය.

පන්දු වාර 47 කට සීමාවුණු තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 45 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 200 ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දු වාර 38 ක් අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 201 ක් ලබා ගනිමින් තරඟයේ ජය ගත්තෝ ය.

බංග්ලාදේශ කණ්ඩායම ඊයේ ලැබූ ජයග්‍රහණයත් සමග තරඟ 3 කින් සමන්විත තරඟාවලිය දෙකට බින්දුවක් ලෙස ජයග්‍රහණය කිරීමට ද සමත්ව තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 22 June 2015 11:54