May 18, 2024

තරඟයේ දෙවන දිනය අවසන් - සංගා 50යි - කෞෂාල් 80යි (PHOTOS)

ශ්‍රී ලංකාව සහ සංචාරක පකිස්ථානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසන් වන විට සිය පළමු ඉ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 178ක් රැස් කරගෙන සිටියි.

තරඟයේ පළමු දිනය වූ ඊයේ දිනය (17) වර්ෂාව හේතුවෙන් අතැර දැමූ අතර පිටියේ තිබූ තෙත සහිත බව නිසා අද තරඟය ද පමා වී ආරම්භ විය.

ඒ අනුව අද (18) දහවල් 12.00ට තරගය ආරම්භ කරනු ලැබුවේ කාසියේ වාසිය පාකිස්ථානයට හිමිකරදෙමින්. ඔවුන් ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළෝ ය.

දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි අතර ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 30කට සීමා වූයේ ලකුණු 21ක් ලබා සිටි දිමුත් පළමු කඩුල්ල ලෙස වහබ් රියාස් හමුවේ දැවී යාමත් සමඟ යි.

අනතුරුව පිටියට පිවිසි කුමාර් සංගක්කාර, කෞෂාල් සිල්වා සමග එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 112ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වූ අතර සිය ක්‍රිකට් දිවියේ 52වන ටෙස්ට් අර්ධ ශතකය ලබා ගැනීමට කුමාර් සංගක්කාර අද සමත් විය.

සංගක්කාර ලකුණු 50කට දැවී ගිය අතර ලහිරු තිරිමාන්නට ලබා ගත හැකි වූයේ ලකුණු 8ක් පමණි.

නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 10ක් ලබා ක්‍රීඩා කරයි.

ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා නොදැවී ලකුණු 80ක් ලබා සිටින අතර ඊට හතරේ පහර 12ක් ඇතුළත් ය.

පන්දු යැවීමේදී වහබ් රියාස් කඩුලු 2ක් සහ මොහොමඩ් හෆීස් කඩුලු 1ක් ලබාගෙන සිටියි.

තරඟයේ ඡායාරූප පහතින්.

ඡායාරූප - espn cricinfo

Rate this item
(0 votes)
Last modified on Thursday, 18 June 2015 23:35