පාකිස්ථානු කණ්ඩායමේ ශ්රී ලංකා සංචාරයට අයත් පළමු ටෙස්ට් ක්රිකට් තරඟයේ කාසියේ වාසිය උරගා බැලීම මීට මඳ වේලාවකට පෙර සිදු වූ අතර එහි ජය පාකිස්ථානයට හිමි විය.
කාසියේ වාසිය හිමිකරගත් පාකිස්තානු නායක මිස්බා උල් හක් තීරණය කළේ ප්රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්රී ලංකා කණ්ඩායමට ආරාධනා කිරීමට යි.
මෙම ටෙස්ට් තරඟයේ පළමු දිනය වන ඊයේ දිනයේ තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමූ අතර පිටියේ පැවති තෙත් සහිත බව නිසා අද දින ද තරඟය ආරම්භය ප්රමාද විය.