May 04, 2024

අජ්මාල් නැති වීම සහනයක් - මාවන්

අද දින පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා පාකිස්ථානු දඟ පන්දු යවන ක්‍රීඩක සයීඩ් අජ්මාල් ක්‍රීඩා නොකිරීම තම කණ්ඩායමට මානසික සහනයක් වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මාවන් අතපත්තු පවසයි. 
 
තම කණ්ඩායමට ප්‍රබලතම අභියෝගයක් එල්ල කළ හැකි පාකිස්ථානු ක්‍රීඩකයා සයීඩ් අජ්මාල් බව ප්‍රකාශ කළ ඔහු තව දුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ බල ඇණිය ද මේ වන විට යහපත් මට්ටමක පවතින බව යි.
 
 
Rate this item
(0 votes)
Last modified on Wednesday, 17 June 2015 09:59