May 03, 2024

ශ්‍රී ලංකා - පාකිස්ථානු සටන හෙට ඇරඹේ

සංචාරක පාකිස්තානු කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වදින පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ගාල්ල අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේ දී හෙට (17) පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිත යි.
 
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් විසින් දරන අතර, පාකිස්ථානු කණ්ඩායමේ නායකත්වය දරන්නේ මිස්බා උල් හක් විසින් ය.
 
ගාල්ල ප‍්‍රදේශයට අද දිනයේ කඩින් කඩ වැසි ඇද හැලූණ ද, පස්වරුවේ යහපත් කාලගුණ තත්වයක් පැවති බැවින් හෙට තරගයට වර්ෂාවෙන් බාධාවක් නොවනු ඇති බවට ක්‍රිකට් බලධාරීන් බලාපොරොත්තු වන බව සඳහන් වේ.
 
Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 June 2015 20:48