May 04, 2024

පාකිස්ථානු පිල පරාජය අපහසු නෑ - මැතිව්ස්

හොඳින් ක‍්‍රීඩා කළහොත් පාකිස්ථානු කණ්ඩායම පරාජය කිරීම තම කණ්ඩායමට අපහසු නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

ඔහු මේ බව පැවසූවේ පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ලබන 17 වැනිදා ආරම්භ වන ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධයෙන් කොළඹ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී ය.  

සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සහභාගි වන අවසන් ටෙස්ට් තරඟාවලිය මෙය බවට පසුගියදා මාධ්‍ය වාර්තා පළවූ අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසූවේ සංගක්කාර ඉරිදා දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඒ පිළිබඳව තීරණයක් ගනු ඇති බවයි. 

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ටෙස්ට් තරඟාවලිය ආරම්භ කරමින් පළමු තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. 

 

Rate this item
(0 votes)