May 03, 2024

නාවික හමුදාවේ සදීප්ට ආසියානු ශූරතා තරඟාවලියේ ලෝකඩ පදක්කමක්

රටවල් 17ක සහභාගිත්වයෙන් ජපානයේ පැවති 49 වැනි ආසියානු ශූරතා තරගාවලියේ ආසියානු කායවර්ධන තරගයේ කි. ග්‍රෑ. 55 අංශයේ තුන්වන ස්ථානය දිනා ගනිමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සදීප් ප්‍රසන්න සමත් විය.  
 
මෙම තරගාවලිය වෙනුවෙන් කි.ග්‍රෑ. 60 අංශයෙන් 4 වන ස්ථානය දිනාගත් නාවික හමුදාවේ බී. ඩී. සි. ඩයස් හා කි. ග්‍රෑ. 65 අංශයට සහභාගි වූ සුභාෂ් සිරිවර්ධන ද ශ්‍රී ලංකාව නියෝජනය කළෝ ය.
 
සදීප් පසුගිය වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවති 48 වැනි ආසියානු ශූරතා තරගාවලියට ද සහභාගී වී මෙම අංශයෙන් ම දෙවන ස්ථානය දිනා ගනිමින් එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.
 
Rate this item
(0 votes)
Last modified on Friday, 12 June 2015 10:01