May 04, 2024

පාකිස්ථානය සමඟ තරඟවදින ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමඟ  තරග 3 කින් යුත් තරඟාවලියට සහභාගි වන ශ්‍රී  ලංකා සංචිතය ඊයේ (10)  නම් කෙරුණි.
 
ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත්  සංචිතයේ උප නායකත්වයට පත්කර ඇත්තේ ළහිරු තිරිමාන්න යි.
 
16 දෙනෙකුගෙන් යුත්  කණ්ඩායමට පසුගිය පාකිස්ථාන ඒ සංචාරයේදී පිත්තෙන් දස්කම් දැක්වූ කුසල් ජනිත් පෙරේරා නම් කර තිබේ. ජෙහාන් මුබාරක් සහ රංගන හේරත් ද සංචිතයට කැඳවා ඇති අතර කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, කුමාර සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, කිත්රුවන් විතානගේ, දිල්රුවන් පෙරේරා, තරිඳු කෞෂාල් නම් ද කර ඇත.
 
වේග පන්දු යවන්නන් ලෙස නුවන් ප්‍රදීප්  පෙරේරා, ධම්මික ප්‍රසාද්, දුෂ්මන්ත චමීර සහ සුරංග ලක්මාල් එම 16 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත් කර තිබේ.
 
Rate this item
(0 votes)