May 04, 2024

නවසීලන්තය පරදා එංගලන්තය ජය ගනී

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග ඊයේ පැවති එක්දින ක්‍රිකට් තරගය ලකුණු 210කින් ජය ගැනීමට එංගලන්තය සමත් විය.
 
දෙපිල අතර තරග 05කින් යුත් තරගාවලියේ පළමු තරගය වූ මෙය බර්මින්හැම් හී එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්විණ.
 
පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුළු 09ක් දැවි ලකුණු 408ක් ලබා ගත් අතර නවසීලන්ත කණ්ඩායමේ පිළිතුරු ඉනිම ලකුණු 198කට සීමා විය.
 
තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ පන්දු 77කදී ලකුණු 129ක් ලබා ගනිමින් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ එංගලන්ත ක්‍රීඩක ජෝස් බට්ලර් ය.
 
Rate this item
(1 Vote)
Last modified on Wednesday, 10 June 2015 14:24