May 18, 2024

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ලංකාවට අහිමි වෙයි

2017දී හම්බන්තොටදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල මෙරටදී නොපැවැත්වීමට ආසියානු ඔලිම්පික් කමිටුව තීරණය කර ඇත. 

ලන්සු තැබිමේ ක්‍රියාවලියක් මගින් 2012 ජූනි මස ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල හම්බන්තොටදී පැවැත්වීමට ලංකාවට වරම් හිමිවිය. ඒ ඉන්දුනීසියාව, කටාර්, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා උස්බගිස්තානය යන රටවල් පරදවමින් එම අවස්ථාව ලංකාවට හිමිවිය. 

පසුගියදා ඉරානයේ ටෙහෙරාන් නුවර පැවති ආසියානු ඔලිම්පික් කමිටු රැස්වීමේදි ශ්‍රී ලංකා රජය විසින් මෙරට ඔලිම්පික් කමිටුවේ ස්වාධිපත්යට එල්ලවූ බලපෑම් නිසා 2017 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ  සත්කාරකත්වය ශ්‍රි ලංකාවට අහිමි කිරිමට තිරණය කළ බව එහි සභාපතිවරයා දන්වා ඇත.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 May 2015 12:38