May 18, 2024

ශ්‍රී ලංකා - පාකිස්තාන ක්‍රිකට් තරඟ සටහන මෙන්න

පාකිස්තානු ක්‍රිකට් පිළේ ශ්‍රී ලංකා සංචාරය සඳහා තරඟ සටහන ප්‍රකාශයට පත්වී තිබේ.

ඒ අනුව පාකිස්තානු පිළ ලබන ජුනි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණෙන අතරඑහිදී ටෙස්ට් තරඟ 3කට සහභාගිවීමට නියමිතය.

ගාල්ලේ දී, කොළඹ පී. සාරා ක්‍රීඩාංගණයේදී සහ පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී එම ටෙස්ට් තරඟ පැවැත්වෙනු ඇති.

තරඟ 5කින් යුත් එක්දින තරඟාවලිය ජුලි 11වන දා දඹුල්ලේ දී ආරම්භ වන අතර එම තරඟ පල්ලෙකැළේ, කොළඹ සහ හම්බන්තොට දී ද පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි.

 

Rate this item
(0 votes)