May 18, 2024

රෝහිත් ශර්මා රිතිකා සමඟ විවාහ වෙයි

ඉන්දීය සුපිරි පිතිකරු රෝහිත් ශර්මා ඔහුගේ පෙම්වතිය වූ රිතිකා සමග විවාහ ගිවිස ගෙන තිබේ.

ඔහුගේ ෆේස්බුක් පිටුව සහ ට්විටර් ගිණුම උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් මීට අවුරුදු 6කට පෙරදී  දැන හඳුනාගෙන සිට ඇති බවය. රෝහිත් ශර්මා 28 වන වියේ පසු වන අතර ඔහුගේ අතගත් පෙම්වතිය ද 28 වන වියේ පසු වන්නියකි.

විවාහ ගිවිස ගැනීමෙන් පසු රෝහිත් ශර්මා සිය පෙම්වතිය සමග ලබා ගත් ඡයාරූපයක් ද ඔහුගේ ට්විටර් ගිණුමේ පළ කර තිබුණි.

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයකදී ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 264 ක වාර්තාවට හිමිකම් කියන්නේ ද රෝහිත් ශර්මායි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 May 2015 10:47