May 18, 2024

ඉන්දීය කොදෙව් පිලට කඩුලු 5 ක ජයක් 

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තුන්වන ටෙස්ට් තරගය කඩුලු 5 කින් ජය ගැනීමට කොදෙව් පිළ ඊයේ (03) සමත් විය.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත පිළ සිය පළමු ඉනිම සදහා සියලූ දෙනා දැවී ලකුණු 257ක් රැස් කළේය. 

ඊට පිළිතුරු ලෙස කොදෙව්වන් සිය පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 189ක් රැස් කළේය.

අනතුරුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 123ක් පමණි. ලකුණු 192ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් කඩුලූ 5කදී ලකුණු 194ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කිරීමට සමත් විය.

කොදෙව් - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය 1ට 1ක් ලෙස ජය පරාජයකින් තොරව අවසන් විය.

Rate this item
(0 votes)