May 18, 2024

කුසල් ගේ ඉනිමෙන් ලංකාවට ජයක්

කුසල් පෙරේරා ගේ ශතක ඉනිම හේතුවෙන් සංචාරක පාකිස්තානු ඒ කණ්ඩායම පරාජය කර සූරියවැවදී ඊයේ (29දා) පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයෙන්ද ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 07 ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත්විය.

ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම නිලනොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරගාවලිය නිමාවීමට තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට හැකිවිය.

පාකිස්තානු ඒ කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50අවසානයේ ලකුණු 265/9 ක් රැස්කිරීමට සමත්විය. පාකිස්තානු ඒ කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටියදී වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර ඒ වනවිට ඔවුන් ලකුණු 213/7 ක් රැස්කරගෙන සිටියේය. කෙසේ නමුත් ඒ වනවිට ඔවුන් ජය ලැබීමට නම් රැස්කරගෙන සිටිය යුතු ලකුණු සංඛ්‍යාව 221 ක් බැවින් තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.

 

 

Rate this item
(0 votes)