ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති එරන්ද වැලිඅංගේ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ සමාරම්භක අවස්ථාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයේ පසුගියදා හෝමාගමදී පැවැත්විණි.
මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ පක්ෂයක් ලෙසින් පාක්ෂිකයින්ද ආරක්ෂා කරමින් ශක්තිමත්ව ඉදිරියට යා යුතු බවයි.
එමෙන්ම රට ගොඩ නැඟීමේ වැඩපිලිවෙල වෙනුවෙන් පාර්ලිමේන්තුවට තෝරා පත් කරගත යුත්තේ උගත් බුද්ධිමත් තරුණයින් බව ඔහු පෙන්වා දුන්නේය.
ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයාව ලෙස සිටි සමයේදී එරන්ද වැලිඅංගේ මහතා සිදු කල කාර්ය පිලිබඳව පක්ෂ විපක්ෂ බොහෝ දෙනා අදටද කතා කරන බව සිහිපත් කල සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සිටි පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේ තමා වෙනුවෙන් තමාගේ වැඩ පිලිවෙලවට සහායක් ලෙසින් එරන්ද වැලිඅංගේ මහතාව මෙවර පාර්ලිමේන්තුවට එවන ලෙසයි.
ඔහු අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතු චරිතයක් බවත් හෝමාගමට ,කොළඹට මෙන්ම බස්නාහිර පලාතට නව ගමනක් අවශ්‍ය වී ඇති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසී ය.