May 18, 2024

ආසන 38ක් ශ්‍රීලනිප සැමරුමට නෑ - ඒකාබද්ධයේ තීරණය මෙන්න (AUDIO) 

ලබන 04 වැනිදා කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ශ්‍රීලනිප 65 වැනි සංවත්සර සැමරුමට ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම සහභාගී නොවීමට තීරණය කළ බව රත්නපුර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

ශ්‍රීලනිප ආසන බලමණ්ඩල රැස්වීම කැඳවා මෙම තීරණය ගෙන ඇති බවත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරු 38 දෙනා සිටින මැතිවරණ ආසනවලින් ශ්‍රීලනිප සැමරුමට සහභාගී නොවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ශ්‍රීලනිපය විනාශ කළ යුතුය, දෙකඩ කැඩිය යුතුය යන්න මතයේ නොසිටින බවත් ශ්‍රීලනිපය එජාපය සමග හවුලේ ගෙනයන වැඩපිළිවෙලට තම කණ්ඩායම විරෝධය ප්‍රකාශ කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එම හඩපටය පහතින්,

 

Rate this item
(2 votes)
Last modified on Sunday, 04 September 2016 08:33