May 16, 2024

බොකෝහරාම් කල්ලිය බස් මගීන් පැහැර ගනී

February 10, 2015
අන්තවාදී ඉස්ලාමීය බොකෝහරාම් කල්ලිය කැමරුන් රාජ්‍යයේ උතුරුදිග ප‍්‍රදේශයේ බස් මගීන් 20 දෙනෙකු පැහැරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
වෙළඳපොළ වෙත යමින් සිටි පුද්ගලයන් රැගත් මෙම බස් රථය බොකෝහරාම් කල්ලිය නයිජීරියානු දේශසීමාව වෙත රැගෙන ගිය බව ද සඳහන්.
නයිජීරියාවේ ප‍්‍රහාර උත්සන්න කළ බොකෝහරාම් කල්ලිය යාබද නයිජර් සහ කැමරුන් රාජ්‍යවල ද ප‍්‍රහාර දියත් කර තිබේ.
නයිජීරියානු ජනාධිපතිවරණය පසුගිය දා කල් දමනු ලැබුවේ ද ඔවුන්ගෙන් එල්ල වන තර්ජන හේතුවෙනි.
Rate this item
(0 votes)