April 29, 2024

මගීන් 133ක් එක්ක චීන ගුවන් යානයක් කඩා වැටෙයි

පුද්ගලයින් 133 දෙනෙකු රැගත් චයිනා ඊස්ටර්න් ගුවන් සේවාවට අයත් මඟී ජෙට් යානයක් නිරිතදිග චීනයේ දී අනතුරට ලක්ව තිබෙනවා.<

කෙසේවෙතත් මෙම අනතුරින් මේ වන විට තුවාල ලබා ඇති සංඛ්‍යාව හෝ මරණයට පත්ව ඇති සංඛ්‍යාව මේ වන තෙක් තහවුරු කර නොමැති බවයි චීන CCTV රූපවාහිනී සේවාව ප්‍රකාශ කළේ.

බෝයිං 737 (Boeing 737) වර්ගයේ මෙම යානය ග්වාන්සි (Guangxi) ප්‍රදේශයේ වූසූ (Wuzhou) නගරයට ආසන්න ගම්බද ප්‍රදේශයකට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ගුවන් යානය අනතුරට ලක්වීමට හේතුව එම ප්‍රදේශයේ පැතිර ගිය ලැව් ගින්නක් හේතුවෙන් මතු වූ අධික දුමාරය විය හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිටත් අනතුර සිදු වූ ස්ථානයට ගලවා ගැනීමේ කණ්ඩායම් යොමු කර ඇති බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

එම අනතුරට පත්ව ඇත්තේ ‘චයිනා ඊස්ටර්න්’ ගුවන් සේවයට අයත් රට අභ්‍යන්තර ගුවන් යානයක්.

එම යානය වසර 6 ක් පැරැණි එකකි. 

රේඩාර් තිරයෙන් යානය අතුරුදන් වෙද්දී එය නොට් 376 ක වේගයකින් අඩි 3225 ක් ඉහළින් පියාසර කරමින් තිබුණු බව ද පැවැසෙනවා.

Rate this item
(2 votes)