April 29, 2024

යුක්රේන ජනපති වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාග පිළිවෙතේ වෙනසක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව නායකත්වය දෙන යුක්‍රේනියා ජනාධිපති වොලොඩ්මීර් සෙලෙන්ස්කි (VOLODYMYR ZELENSKY) 2022 නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජිත නම් අතරට එක් කරණ ලෙසට ඉල්ලීමක් කර තිබෙනවා.

එම ඉල්ලීම කර තිබෙන්නේ වර්තමානයේ සහ හිටපු යුරෝපයේ දේශපාලඥයන් විසින්.

කොමිටියෙන් කළ ඉල්ලීම

ඔවුන් නොර්වේ රාජ්‍යයේ තිබෙන නොබෙල් කොමිටිය වෙත මෙම ඉල්ලීම කර තිබෙනවා.

එම ඉල්ලීමට මේ වන විටත් ලැබී තිබෙන්නේ යහපත් ප්‍රතිචාර.

නොබෙල් සාම ත්‍යාගය සඳහා නාමයෝජනා දීමේ කාලය මේ මස 31 දක්වා දීර්ඝ කිරිමටයි නොබෙල් කොමිටිය තීරණය කොට තිබෙන්නේ.

සානුකම්පිත ආයාචනය

"අපි ඔබෙන් සානුකම්පිකව ඉල්ලා සිටිනවා 2022 නොබෙල් සාම ත්‍යාගය සඳහා වූ නාම යෝජනා කැඳවීම යළි විවෘත කරන ලෙස.යුක්රේනියානු ජනාධිපති සෙලෙන්ස්කි හා යුක්රේනියානු ජනතාව වෙනුවෙන් නාමයෝජනා ලබාදීම සඳහා එය මාර්තු 31 දක්වා දීර්ඝ ලෙස."

මේ වර්ෂයේ නොබෙල් ත්‍යාගලාභීන්ගේ නම් ඔක්තෝම්බර් මස 3 සිට 10 දක්වා කාලය තුළ නොබෙල් කමිටුව විසින් ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතයි.

යුක්රේනියානු ජනාධිපති සෙලෙන්ස්කිගේ නම යෝජනා කිරීමට බලාපොරොත්තුවන 2022 නොබෙල් සාම ත්‍යාගය සඳහා පුද්ගලයින් 251ක් සහ සංවිධාන 92 ක් මේ වන විටත් ඉල්ලීම් කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 March 2022 19:37