April 29, 2024

තවත් යුද්ධයක්? නොසිතූ ලෙස ඉන්දියාවෙන් පකිස්තානයට මිසයිල ප්‍රහාරයක්

වැරදීමකින්, පාකිස්තානය දෙසට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය තහවුරු කර තිබෙනවා.

එය තාක්ෂණික දෝෂයක් නිසා සිදුවුණු අවාසනාවන්ත සිදුවීමක් බවයි ඉන්දියාව පවසන්නේ.

ඒ ගැන දැඩි ලෙස කනගාටුවන බවද ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය පාකිස්තානයට දන්වා තිබෙනවා.

මෙම 'අත්වැරදීම' සිදුවී ඇත්තේ පසුගිය මාර්තු 9 වැනිදාය.

ඒ, මිසයිල පද්ධති අලුත්වැඩියා කරද්දී සිදුවුණු තාක්ෂණික දෝෂයක් නිසා බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විදිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට ද ඉන්දීය රජය පියවර ගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

මිසයිල ප්‍රහාරයෙන් පාකිස්තානයේ කිසිවකුටවත් අනතුරක් සිදුවී නැත. දේපොල හානියක් ද සිදුවී නැත.

පාකිස්තාන හමුදාව පවසන පරිදි මිසයිලය පාකිස්තාන ගුවන් සීමාවට ඇතුළු වී කිලෝ මීටර් 100 ක දුරක් ගමන් කර තිබෙනවා. ඒ, අඩි 40,000 ක් ඉහළින් ශබ්දයට වඩා තුන් ගුණයක වේගයකිනි.

මිසයිලයට කිසිදු යුද ශීර්ෂයක් (පුපුරන ද්‍රව්‍ය) සම්බන්ධ කර නොතිබුණු බව ද පැවැසෙනවා.

සිදුවීම පිලිබඳව අදහස් දක්වන පකිස්ථානය පැවසුවේ “අධිවේගී පියාසර වස්තුවක්” රට තුලට ඇතුළු වී ඇති බවත් මිසයිලය ඉස්ලාමාබාද් අගනුවර සිට කිලෝමීටර් 500ක් පමණ දුරින් පිහිටි රටේ නැගෙනහිර ප්‍රදේශයේ නගරයක් වන මියන් චන්නු ආසන්නයේදී කඩා වැටී ඇති බවත්ය.

මෙම මිසයිලයේ පියාසර මාර්ගය පකිස්තාන ගුවන් අවකාශයේ බොහෝ ජාතික සහ ජාත්‍යන්තර මගී ගුවන් ගමන් මෙන්ම මිනිසුන්ගේ ජීවිත සහ භූමියේ දේපළ අනතුරේ හෙළා ඇති බවට පාකිස්ථානය සඳහන් කරනවා.

පකිස්තාන නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ මෙම සිදුවීම බෑරූරුම් ලෙස සලකන බවයි.

පකිස්තාන විදේශ අමාත්‍යාංශය මේ පිලිබඳව විරෝධය ප්‍රකාශ කිරීම සඳහා පකිස්ථානයේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉස්ලාමාබාද් අගනුවරට කැඳවන බව ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම සිදුවීම පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණ වාර්තා පකිස්ථානය සමඟ හුවමාරු කරගන්නා ලෙසද ඔවුන් ඉන්දියාවෙන් ඉල්ලා තිබෙනවා.

පකිස්ථානය හා ඉන්දීයාව යන රටවල් දෙකම න්‍යෂ්ටික ආයුධවලින් සන්නද්ධ වන අතර දෙරට අතර දේශපාලනික නොහොඳතාවයන්ද පවතිනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 March 2022 17:52