April 29, 2024

විදේශ ස්වෙච්ඡා සටන්කාමීන්ටත් පුටින්ගෙන් අවසර - 16000 ක් බස්සන්නයි ලෑස්තිය

ඉකුත් 24 දා රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ඇති වූ යුද්ධය සඳහා එම රටවල් දෙකටම අයත් නොවන රටවල ජනතාවගේ මැදිහත්වීම් පිලිබඳවත් අසන්නට ලැබෙනවා.

විශේෂයෙන්ම රුසියානු හමුදා වලට එරෙහිව යුක්රේනය වෙනුවෙන් සටන් කිරීමට බොහෝ යුරෝපා රටවල ස්වෙච්ඡා පුරවැසියන් ඉදිරිපත්ව සිටිනවා.

ආරක්ෂක කවුන්සිල රැස්වීම

යුක්රේනය වෙනුවෙන් පමණක් නොව යුක්රේනයට එරෙහිව රුසියාව වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් සටන් කිරීමට කැමති විදේශිකයින් පිරිසක් පිළිබඳව එහිදී රුසියානු ආරක්ෂක ඇමති සර්ජි සොයිගූ (SERGEI SHOIGU) කරුණු හෙළිදරව් කර තිබෙනවා.

ඒ රුසියානු ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී.

ඔහු එහිදී සඳහන් කර තිබෙන්නේ මැද පෙරදිග රටවල 16,000 ක ස්වේච්ඡා පිරිසක් යුක්රේනයට එරෙහිව රුසියානු හමුදා සමඟ එක්ව සටන් කිරීමට සූදානම් බවයි.

ඒ අතර නාගරික සටන් හැකියාව ඇති සිරියාවේ පිරිස්ද ඉන්නා බව සඳහන් කර ඇති රුසියානු ආරක්ෂක ඇමතිවරයා ඔවුන් මුදලට නොව ස්වෙච්ඡාවෙන්ම ඒ සඳහා සූදානම් බවත් පෙන්වා දී තිබෙනවා.

ජනපතිගේ ප්‍රතිචාරය

මේ තත්ත්වයට ආක්‍රමණිකයා මූ රුසියාවේ ජනාධිපති වැල්ද්මීර් පුටින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් රුසියා ජනාධිපති වැල්ද්මීර් පුටින් සඳහන් කර තිබෙන්නේ එසේ සටන් කිරීමට කැමති විදේශිකයින්ට ඒ සඳහා තමන් අවසර ලබාදෙන බවයි.

විශේෂයෙන්ම සිරියානු සිවිල් යුද්ධයේදී එරට ජනපති අසාද්ට රුසියානු ජනපති පුටින් කොන්දේසි විරහිතව උදව් කිරිම ප්‍රසිද්ධ කරුණක්.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 12 March 2022 09:33