May 02, 2024

ඌරු හදවතක් බද්ධ කළ ලොව පළමු පුද්ගලයා මිය යයි

ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරෙකුගේ හදවතක් බද්ධ කළ ලොව පළමු පුද්ගලයා මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මාරාන්තික හෘද රෝගයකින් පෙළුණු ඩේවිඩ් බෙනට් නම් මෙම පුද්ගලයා සැත්කම කිරීමෙන් පසු මාස ​​දෙකක් ජීවත්ව තිබෙනවා.

නමුත් දින කිහිපයකට පෙර ඔහුගේ තත්ත්වය නරක අතට හැරෙන්නට පටන් ගත් බව බැල්ටිමෝර් හි ඔහුගේ වෛද්‍යවරු පවසා තිබෙන අතර පසුගිය මාර්තු 8 වනදා මියගිය බවයි වෛද්‍යවරු පවසන්නේ.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 57ක්.

බෙනට් මහතා ජනවාරි 7 වන දින ශල්‍යකර්මයට භාජනය වූ අතර, වෛද්‍යවරු පවසන්නේ සති කිහිපයකින් ඔහු තම පවුලේ අය සමග කාලය ගත කිරීමට ගෙදර යාමට අවශ්‍ය බව පැවසූ බවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 March 2022 11:57