May 03, 2024

ලොව සුප්‍රකට සයිබර් ප්‍රහාරකයින් රුසියාවට කළ දේ

ලොව සුප්‍රකට හැකර් කණ්ඩායමක් වන "Anonymous" විසින් රුසියානු රාජ්‍ය රූපවාහිනී සේවයට අනවසරයෙන් ඇතුල්වී එහි පාලනය තමන් සතුකර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් මිට පෙර "Anonymous" සයිබර් ප්‍රහාරක කණ්ඩායම විසින් රුසියාවට අනතුරු අඟවමින් කියා සිටියේ එම මිලේච්ජ ක්‍රියාවට එරෙහිව තම කණ්ඩායම ගත හැකි සෑම පියවරක් ගන්නා බවයි.

ඒ අනුව රුසියාවේ රාජ්‍ය මාධ්‍ය ආයතන Russia 24, Channel One සහ Moscow 24 යන රූපවාහිනී නාලිකාවල හැකර් ප්‍රහාරයක් එල්ල කිරීමට මෙම කණ්ඩායම පියවර ගෙන තිබුණා.

ඒ අනුව එම රූපවාහිනී නාලිකා හරහා යුක්රේනයේ ඇතිව තිබෙන යුදමය තත්ත්වය ගැන දැක්වෙන වීඩියෝ ප්‍රදර්ශණය කිරීමට ඔවුන් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රුසියානු රජයේ මාධ්‍ය නාලිකා විසින් යුක්රේනයේ ඇතිව තිබෙන යුදමය තත්ත්වයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ බටහිර රටවල උසි ගැන්වීම නිසා නාසි ජාතිකවාදීන්ගේ නායකත්වයෙන් සහ නේටෝවේ සහයෙන් ඇතිවූ යුද්ධයක් බවත්, කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් රුසියාව මානුෂික මෙහෙයුමක් දියත් කර ඇති බවයි.

කෙසේ වුවත් මෙම මෙහෙයුම් සම්බන්ධයෙන් රුසියාවේ බහුතරයක් ජනතාව දැඩි විරෝධය පළකර සිටිනවා. 

මේ හේතුවෙන් යුක්රේනයේ ඇතිවී තිබෙන සැබෑ තත්ත්වය රුසියානුවන්ට දැකබලා ගැනීමට ඉඩ සැලසීම සඳහා තමන් මෙතෙක් ඉතිහාසයේ දියත් කළ සුවිශාලම සයිබර් ප්‍රහාරක මෙහෙයුම දියත් කර ඇති බවයි "Anonymous" සයිබර් ප්‍රහාරක කණ්ඩායම සඳහන් කර සිටින්නේ

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 March 2022 00:32