May 03, 2024

රුසියාව පැය පහක් දෙයි: 4,50,000 කට ප්‍රදේශයෙන් යන්න කියයි

රුසියාව විසින් යුක්රේනියාවේ මාරියුපොල් (MARIUPOL) ප්‍රදේශයේ පැය පහක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

ඒ එහි වෙසෙන 4,50,000ක් පමණ වූ සිවිල් වැසියන්ට එම නගරයෙන් පිටවීම සඳහා.

දෙවන මහා ලෝක යුද්ධය

මේ වන විට රුසියානු හමුදා එම නගරයේ විදුලිය , ජලය , ආහාර මෙන්ම ශීත කාලයට මුහුණ දීම සඳහා අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම කපා හැර තිබෙනවා.

එය විදෙස් මාධ්‍ය සංසන්දනය කරන්නේ දෙවැනි ලෝක මහා යුද්ධයේදී ජර්මනියේ නාසි හමුදා විසින් ලෙනින්ග්‍රෑඩ් නගරයට සම්බාධක පැනවූ ආකාරයට.

මෙම නගරය අල්ලා ගැනීම රුසියාව ලැබූ විශිෂ්ඨ ජයක් ලෙසයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ.

නගරය අල්ලා ගැනීම

ඒ මෙම නගරය අල්ලා ගැනීමත් සමග ක්‍රිමියා (CRIMEA) සහ ඩොන්බාස් (DONBAS) ප්‍රදේශවල සිට රුසියා හමුදාවන්ට බාධාවකින් තොරව පැමිණීමට හැකිව තිබීමයි.

මේ වන විට රුසියාව යුක්රේනයාව ආක්‍රමණය කොට දින දහයක් ගතව තිබෙනවා.

එහිදී රුසියාවට උපක්‍රමශීලීව ඉතා වැදගත් නගර දෙකක් වන බර්ඩියාන්ස්ක් (BERDIANSK) කර්සන් (KHERSON) රුසියානු හමුදා විසින් මේ වන විට අත්පත් කරගෙන තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 March 2022 23:19