May 02, 2024

යුක්‍රේන - රුසියා අර්බුදයට "මානුෂීය කොරිඩෝවක්" එයි

රුසියානු ආක්‍රමණය හමුවේ අවතැන් වන යුක්රේන සිවිල් වැසියන් ඉවත් කිරීම සඳහා මානුෂීය කොරිඩෝවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය ම අවබෝධයකට පැමිණ ඇතැයි වාර්තා වනවා.

ඊයේ පැවති දෙවන වටයේ සාකච්ඡාවලදී යි මෙම තීරණයට එළඹ ඇත්තේ.

කෙසේ වෙතත් සාකච්ඡාවලට එක්වූ යුක්රේන නියෝජිතයෙක් ප්‍රකාශ කර ඇත්තේ, රුසියාව සමඟ දෙවන වටයේ සටන් විරාම සාකච්ඡාවලින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබුණු බවයි.

බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබුණ ද සිවිල් වැසියන් ඉවත් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අවබෝධයකට පැමිණ ඇති බවයි ඔහු කියාසිටියේ.

යුක්රේන ජනාධිපති උපදේශක Mykhailo Podolyak පැවසුවේ ගැටුම් හමුවේ අවතැන්වන සහ පීඩාවට පත්වන සිවිල් වැසියන් ඉවත් කිරීමට ඉඩ සැලසීම සඳහා දෙපාර්ශවය ම තාවකාලික සටන් විරාමයක් පිළිබඳ අවදානය යොමු කළ බවයි.

ඒ අනුව අදාළ මානුෂීය කොරිඩෝව පිහිටා ඇති ස්ථානවල දී, ජනතාව ඉවත් කිරීමට අවස්ථාව ලබාදීම වෙනුවෙන් ගැටුම් නැවැත්වීමට හැකි වනු ඇති.

මෙහෙත් හෙළි නොකළ ස්ථානයක පැවති මෙම සාකච්ඡා, රුසියානු ආක්‍රමණයෙන් පසුව කිසියම් හෝ කරුණක් සඳහා දෙපාර්ශවය එකඟ වූ පළමු අවස්ථාව මෙය ලෙසටයි ඉතිහාසයට එක්වන්නේ.

එමෙන්ම දෙවන සාකච්ඡා වටයේදී, දරුණුතම සටන් පවතින ස්ථානවලට ඖෂධ සහ ආහාර ලබාදීම සම්බන්ධයෙන් ද ඔවුන් අවබෝධතාවකට පැමිණ තිබුණා.

යුක්රේන ජනාධිපතිවරයා රුසියානු ජනපතිගෙන් සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටියේ යුද්ධය අවසන් කිරීමට ඇති එකම මාර්ගය මෙය බව පවසමින්.

එමෙන්ම මෙම ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට ගුවන් යානා ලබාදෙන ලෙසට ද ඔහු බටහිරට රටවලින් ඉල්ලීම් කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Friday, 04 March 2022 12:33