May 03, 2024

යුක්රේනයේ තවත් ඉන්දීය ශිෂ්‍යයෙකු වෙඩි පහරට ලක්වෙයි

යුක්රේනයේ කීව් හි සිටින ඉන්දීය ශිෂ්‍යයෙකු අගනගරයෙන් පලායාමට තැත් කිරීමේ දී වෙඩි පහරට ලක්ව ඇති බවට වාර්තා වනවා.

තුවාල ලැබූ ශිෂ්‍යයා නගර මධ්‍යයේ පිහිටි රෝහලකට ඇතුළත් කර ඇති බවයි ඉන්දීය අමාත්‍යවරයෙකු වන වී.කේ. සිං මහතා සඳහන් කළේ.

ඔහු යුක්රේනනයේ සිටින ඉන්දියානුවන් පිළිබඳව සොයා බැලීම සඳහා අසල්වැසි රටවල් වෙත යවනු ලැබූ සිව් පුද්ගල ඉන්දීය අමාත්‍ය කමිටුවේ සාමාජිකයෙක්. 

මෙම සිද්ධිය වාර්තාවන්නේ, යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් වෙත එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් කේරළයේ ශිෂ්‍යයෙකු ජීවිතක්ෂයට පත්වී දින කිහිපයකින් අනතුරුවයි.

අමාත්‍ය වී.කේ. සිං මහතා වැඩිදුරටත් සඳහන් කළේ, රුසියානු ප්‍රහාරයට ලක්ව ඇති යුක්රේනයේ තවත් ඉන්දීය සිසුන් 1,700ක් පමණ ඉවත් කරගැනීමේ අපේක්ෂාවෙන් සිටින බවයි.

එහි දී කීව් අගනුවර සිටින ඉන්දියානුවන්ට ප්‍රමුඛත්වයක් හිමිවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Friday, 04 March 2022 12:14