May 05, 2024

යුක්‍රේනය ආක්‍රමණය කරන්නැයි පුටින්ගෙන් නියෝගයක් - පිපිරීම් රැසකුත් වාර්තා වෙයි

February 24, 2022

උතුරු දිග යුක්‍රේන්යේ ඩොන්බාස්ක් කලාපයෙන් 10,000කට අධික රුසියානු හමුදා භට පිරිසක් යුක්රේන දේශ සීමා තරණය කරමින් යුක්‍රේනය තුළට ඇතුළු වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තා වැඩිදුරටත් දක්වන්නේ රුසියානු ආරක්ෂක හමුදා සහයෝගය ලබන ඩොන්බාස්ක් කලාපයේ රැඳී සිටිනා බෙදුම්වාදීන් හා එක්ව මෙලෙස රුසියානු හමුදා යුක්‍රේනයේ අභ්‍යන්තරයට ගමන් කරන බවයි.

මේ අතර ඉදිරියේ එළඹෙන කුමන මොහොතක දී හෝ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනු ඇති බව අමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක ජෝන් කර්බි පවසනවා.

ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකදී ජෝන් කර්බි කියා සිටියේ රුසියාව සතුව නිසැක වශයෙන්ම අතිරේක හමුදාවක් ඇති බවත්, එය කොතරම් ප්‍රමාණයක් ද යන්න මේ දක්වා පැවසිය නො නොහැකි නමුත්, ඔවුන් යුක්‍රේනයට කඩා වැදී ප්‍රහාර එල්ල කරන බව නිසැක බවයි.

මේ වන විටත් රුසියානු ආරක්ෂක හමුදා යුක්රේනයේ ඩොන්බාස්ක් කලාපයෙන් යුක්‍රේනය තුළට කඩා වැදී ඇති බවට තොරතුරු වාර්තා වන අතරවාරයේ රුසියානු ආක්‍රමණයට එරෙහිව ආරක්ෂක විධිවිධාන සලසා ගන්නා යුක්‍රේනය විසින් මේ වන විටත් රට තුළ යුද නීතිය පනවා තිබෙනවා.

ඒ අනුව එරට සිවිල් වැසියන්ට ස්වංක්‍රීය අවිආයුධ භාවිතයට ඉඩකඩ සැලසෙන අතර ඔවුන්ගේ ආත්මාරක්ෂාව සඳහා ප්‍රති ප්‍රහාර එල්ල කිරීමේ අවස්ථාවත් එරට ආරක්ෂක කවුන්සිලය විසින් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රුසියාවේ ක්‍රියාකලාපයට ප්‍රතිචාර දක්වන යුක්‍රේනය රුසියාවේ රැඳී සිටින යුක්‍රේන සම්භවයක් සහිත පුරවැසියන්ට වහාම රුසියාවෙන් ඉවත් වීමට කටයුතු කරන ලෙසත් මේ වන විට දැනුම් දී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 February 2022 13:09