May 02, 2024

රුසියානු ජනාධිපතිගෙන් හමුදාවට නියෝග

February 22, 2022

යුක්‍රේනයෙන් වෙන්වූ රුසියානු හිතවාදී කලාප දෙකක සාමය පවත්වා ගෙන යන ලෙස රුසියානු ජනාධිපති සිය හමුදාවට නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ එම පළාත් දෙකේ ස්වාධීනත්වය රුසියාව විසින් පිළි ගනු ලැබීමෙන් අනතුරුවයි.

රුසියාව පසුගිය මාස කිහිපය පුරා හමුදා භටයින් දහස් ගණනක් යුක්‍රේන දේශ සීමාව ආසන්නයේ යොදවනු ලැබුවා.

මේ පිළිබඳව අදහස් පළ කරමින් බටහිර රටවල් කියා සිටියේ රුසියාව ඕනෑම මොහොතක ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුම් සකස් කරමින් සිටින බවයි.

 

Rate this item
(1 Vote)