මේ වන විට 288 දෙනෙකු සිටින නැවක් ගිනි ගෙන දැවෙමින් තිබෙන බව ඉන්දියාවේ එන්ඩීටීවී (NDTV) ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා.
ගිනිගෙන දැවෙන නැවේ මගීන් 237ක් සහ කාර්ය මණ්ඩලයේ 51ක් සිටින බවයි වාර්තා වන්නේ.
ඉතාලියේ සිට ග්‍රීසිය
මධ්‍යධරණී මුහුදේ මෙසේ ගිනිගෙන දැවෙන්නේ ඉතාලි ධජය යටතේ ඉතාලියේ සිට ග්‍රීසියේ දක්වා ගමන් කරමින් තිබූ EUROFERRY OLIMPIA සුඛෝපභෝගී නෞකාවයි.
ග්‍රීක පොලිසිය පොලීසිය සඳහන් කරන්නේ නැවේ සිටින මගීන්ට වහාම නැවෙන් ඉවත් වන ලෙස කපිතාන්වරයා උපදෙස් දී ඇති බවයි.
මේ වන විට ගිනිගෙන දැවෙන නැවේ සිටින මගීන් සහ කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා බෝට්ටු හයක් යොදවා ඇති බවත් ග්‍රීක පොලිසිය සඳහන් කරනවා.
ගින්නට හේතුව
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
එහෙත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ග්‍රීක මුහුදු ආරක්ෂක අංශ සඳහන් කරනවා.
එමෙන්ම ගින්න නිසා මියගිය හෝ තුවාල ලැබූ කිසිවකුත් මේ වන විට වාර්තා වී නැහැ.