May 19, 2024

දකුණු කොරියාවේ ඛේදවාචකයක්! දැවැන්ත ගොඩනැගිල්ලක් මගී බස් රථයක් මතට වැටෙයි

දකුණු කොරියාවේ බස් රථයක් මතට ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 09 දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වෙනවා.

දකුණු ග්වාන්ජු නගරයේ දී තමයි මේ ඛේදවාචකය සිදුව තිබෙන්නේ.

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම තට්ටු 05කින් යුතු ගොඩනැගිල්ල වැටී තිබෙන්නේ මගී බස් රථයකට වන අතර එම අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 17 දෙනෙකු සිට තිබෙනවා. ඉන් පුද්ගලයින් 09ක් මිය යද්දී තවත් 08 දෙනෙකු බරපතළ තුවාල ලබා සිටින බව වාර්තා වෙනවා.

කඩා වැටීමට පෙර එම ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කරමින් සිටි සේවකයන් සියල්ලම එම ගොඩනැගිල්ලෙන් ඉවත් කර තිබුණා. එමෙන්ම එම ගොඩනැගිල්ල අසළ ඇති පදික වේදිකාවද වසා දැමීමට ඉදි කිරීම් සේවකයින් කටයුතු කර තිබුණා.

කෙසේ වුණත් අවාසනාවන්ත ආකාරයට එය කඩා වැටෙන අවස්ථාවේ ගොඩනැගිල්ල කඩා වැටෙන ස්ථානයේ මෙම මගී බස් රථය ගමන් කරමින් තිබුණා.

ගොඩනැගිල්ල කඩා බස් රථය මතට වැටුණු බව දුටු ඉදිකිරීම් කටයුතුවල සිටි සේවකයින් කොන්ක්‍රීට් කොටස් ඉවත් කරමින් බස් රථයේ සිරවී සිටි ජනතාවට උදව් කර තියෙනවා. පසුව ගලවා ගැනීමේ ඒකකයන් සහ සෞඛ්‍ය අංශයන් පැමිණ ඊට සහාය වී තිබෙන අතර බරපතළ තුවාල ලැබූවන් සියලු දෙනා රෝහල් වෙත ගෙන යන්නටත් කටයුතු කර තිබුණා.

ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව මෙතෙක් පවසා නැහැ. එමෙන්ම මිය ගිය අය කවුරුන්ද යන්න පිළිබඳවත් මාධ්‍ය වෙත පවසා තිබුණේ නැහැ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 June 2021 20:36