හුදී සටන්කාමීන් විසින් සෞදි අරාබියේ නජ්රාන් හී පිහිටි සෞදි රාජ්‍ය තෙල් සමාගමක් වන සවුදි අරම්කෝ, නජ්රාන් ගුවන්තොටුපළ ඇතුළු ඉලක්ක කිහිපයක් වෙත බැලැස්ටික් මිසයිල ප්‍රහාරය 12ක් එල්ල කර ඇති අතර ඩ්‍රෝන ප්‍රහාරක යානා ද යවා තිබේ.
හූදී සටන්කරුවන් විසින් එල්ල කරන ලද බැලැස්ටික් මිසයිල 03ක් සහ ඩ්‍රෝන ප්‍රහාරක යානා 08ක් ගුවනේ දීම පහර දී විනාශ කළ බවට සෞදි රාජ්‍ය බලධාරීන් විසින් සඳහන් කර තිබේ.
හූදී සටන්කාමීන් විසින් නිරන්තරයෙන්ම සෞදි අරාබිය වෙත ඩ්‍රෝන ප්‍රහාර සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටින අතර සෞදි රාජ්‍ය හූදී කැරලිකරුවන් මර්දනය කිරීම සඳහා දැවැන්ත මෙහෙයුමක්ද ආරම්භ කර තිබේ.