April 26, 2024

සිරියානු නායකයාව ඝාතනය කිරීමට තමන් කළ සැලැසුම ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් හෙළි කරයි

September 16, 2020

සිරියානු ජනාධිපතිවරයා වන බසාර් අල් අසාද්ව ඝාතනය කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් උත්සාහය ඔහු විසින්ම හෙළි කිරීමත් සමඟම ලෝකය තුළ යම් උණුසුම් කතාබහක් නිර්මාණය වී තිබේ.

ජනපති ට්‍රම්ප් මේ බව හෙළි කරන ලද්දේ ෆෝක්ස් නාලිකාව සමඟ දුරකථන සංවාදයකට එක්වෙමිනි.

ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබුණේ 2017 වසරේ දී සිරියානු ජනාධිපතිවරයා වන බසාර් අල් අසාද්ව ඉවත් කර දැමීමට තමන්ට අවශ්‍ය වූ බවත් ඔහු ඒ සඳහා අවශ්‍ය සියල්ල සුදානම් කර නමුත් එකළ ආරක්ෂ ලේකම්ව සිටි ජේම්ස් මැටිස් විසින් එම තීරණයට විරුද්ධ වූ බවයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා පිස්සු බල්ලෙකු බවත්, තමන් ගැන අධි තක්සේරුවෙන් සිතාගෙන කටයුතු කළ අයෙකු බවත් පැවසු ජනාධිපතිවරයා කියා සිටියේ තමන්ට සිරියානු ජනාධිපතිවරයාව ඉවත් කර දැමීමේ කටයුත්තක කර ගැනීමට නොහැකි වීම ගැන කණගාටු නොවන බවයි.

තමන්ගේ බොහෝ තීරණවලට හිටපු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් විරුද්ධ වූ බවද ඇමෙරිකානු ජනාධිපතිවරයා වැඩසටහනට එක්වෙමින් පවසා සිටියේය.

2017 වසරේ දී සිරියාවේ එල්ල වූ රාසයනික බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඇමෙරිකානු ජනාධිපතිවරයාට සිරියානු නායකයාව ඝාතනය කිරීමට අවශ්‍ය වූ බවට එකළ මාධ්‍ය වාර්තාවන් ද පළ වී තිබුණු නමුත් ඒ පිළිබඳව කිසිදු සාකච්ඡාවක් නොපැවැත් වූ බව ධවල මන්දිරය විසින් වාර්තා කර තිබුණි.

Rate this item
(0 votes)