April 26, 2024

කොරෝනා වාර්තා කඩමින් ඉදිරියටම යයි - ගෙවී ගිය පැය 24 තුළත් තවත් වාර්තාවක්

September 14, 2020

ගෙවී ගිය පැය 24ක කාලය තුළ කොරෝනා රෝගීන් 307,930ක් ලෝකය පුරා වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර සිටියි.

ඒ අනුව වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ ඉන්දියාවෙන් වන අතර ඒ රෝගීන් 94,372කි. ඉන් අනතුරුව පිළිවෙලින් ඇමෙරිකාවෙන් සහ බ්‍රසීලයෙන් 45,523 සහ 43,718ක් ලෙස රෝගීන් වාර්තා වී තිබේ.

එම පැය 24 තුළ මරණ  5,537ක් වාර්තා වීමත් සමඟ ලෝකයේ මරණ දර්ශකය 917,417 ලෙස ඉහළ ගොස් තිබේ.

මෙම පැය 24 තුළ සිදුව මරණ අතර ඉන්දියාව සහ ඇමෙරිකාව තුළ මරණ 1000ක් බැගින් ද වාර්තා කර තිබේ. බ්‍රසීලයෙන් 874කි.

මීට පෙර වැඩිම රෝගීන් ප්‍රමාණයක් පැය 24ක් තුළ වාර්තා වී තිබුණේ පසුගිය සැප්තැම්බර් 06 වැනිදායි.

Rate this item
(0 votes)