April 26, 2024

පිපිරීමේ වගකීම භාරගෙන ලෙබනනයේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමත් සමඟ රට තවත් අර්බුදයන් රැසකට තල්ලු වෙයි

ලෙබනනයේ අගනගරය වන බේරූට් හී සිදුවු දැවැන්ත පිපිරීමේ වගකීම භාරගනිමින් ලෙබනනයේ කැබිනට් මණ්ඩලය ඊයේ (10) දිනයේ ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණි.

ඒත් සමඟම ලෙබනන දේශපාලනය තුළ දේශපාලන අවිනිශ්චිතතාවයක් ඇතිව තිබේ. 

බේරූට් හී පිපිරීමට පෙර සිටම ලෙබනනය දැඩි ආර්ථික හා දේශපාලන අර්බුද රාශියක් සමඟින් පොර බඳිමින් සිටි අතර බේරූට් හී පිපිරීම් සමඟ එය තවත් ආගාධයට තල්ලු වී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ. බේරූට් හී පිපිරීමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයකට අධික හානියක් සිදුව ඇත.

පිපිරීම නිසා පුද්ගලයින් 150 දෙනෙකු පමණ මරණයට පත්ව ඇති අතර 6000කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ. තවත් බොහෝ පිරිසකට නිවාස අහිමිව සිටියි.

එරට ආණ්ඩුව මෙම පිපිරීම සම්බන්ධයෙන් වගකිව යුතුයැයි පවසමින් ජනතාව විරෝධතාවයකද නිරතව සිටින අතර එරට පාර්ලිමේන්තුවට පහර දීමටද උත්සාහයක් ගෙන තිබේ. ඒ හේතුවෙන් ආරක්ෂක අංශයන් සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක්ද ඇතිව තිබේ.

Rate this item
(0 votes)